May, 2, 2023
2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.
අද දින ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 3.03% ක හා 3.95% ක පහළ යාමකි.
මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ 11 වෙනි දිනය අදයි.

රු. බිලියන 983 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියට අනුව අද දිනයේ දී මිල ඉහළ ගොස් තිබුණේ සමාගම් 19ක පමණි.
සමාගම් 185කම කොටස් මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව පහළ ගොස් ඇත.
ඒ අතුරින් වැලිබල් වන්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ HNB බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට වැඩිවශයෙන් හේතු වී තිබුණි.

Video Story