අප්‍රේල් සංචාරක පැමිණීම ලක්ෂය පනී. මාස හතරක් තුළ 440,000 ක් ශ්‍රී ලංකාවට

    May, 3, 2023

    පසුගිය අප්‍රේල් මාසය තුළ දී විදෙස් සංචාරකයින් 105,498 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. ලක්ෂයක් ඉක්මවූ සංචාරක පිරිසක් මෙරටට පැමිණි අඛණ්ඩ සිව්වන මාසය මෙය වීම විශේෂත්වයකි.

    ඒ අනුව 2023 වසරේ මුල් මාස 04 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 441,177 ක් වේ.

    අප්‍රේල් මාසය තුළ පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් 19% ක් හෙවත් 19,915 ක් ඉන්දීය සංචාරකයින් වන අතර 14%ක් එනම් 14,656 ක් රුසියානු සංචාරකයින් වේ.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 8,743 ක්, ජර්මනියෙන් 7,404 ක්, ප්‍රංශයෙන් 5,535 ක් සහ චීනයෙන් 5,118 ක් ලෙසින් පසුගිය අප්‍රේල් මාසය තුළ වැඩි වශයෙන් සංචාරකයින්  පැමිණි රටවල් වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates