ඉන්දියාවේ වානේ දැවැන්තයෙකුට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා

    May, 4, 2023

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගිය (28) දා නවදිල්ලියේ Jindal Steel and Power Limited හි සභාපති නවීන් ජින්ඩාල් මහතා හමු වී තිබේ.

    මහ කොමසාරිස්වරයා හා Jindal Steel ප්‍රධානියා අතර මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

    නිෂ්පාදනය කරනු ලබන ටොන් ප්‍රමාණය අනුව Jindal Steel and Power Limited යනු ඉන්දියාවේ තුන්වන විශාලතම පුද්ගලික වානේ නිෂ්පාදකයා වේ. එසේම රේල් පීලි නිෂ්පාදනය කරන ඉන්දියාවේ එකම පුද්ගලික සමාගම  ලෙසද Jindal Steel and Power Limited සැලකේ.