May, 9, 2023
යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන වටයේ සාකච්ඡා 2023-03-27 සිට 29 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇති අතර එම සාකච්ඡාවල ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී.
2024 වර්ෂයේ පළමු කාර්තුව වන විට සාකච්ඡා සම්පූර්ණ කර දෙපාර්ශ්වයේ අත්සන් සඳහා අදාළ ගිවිසුම සූදානම් කිරීමටත්, මීළඟ සාකච්ඡා වාරය 2023-06-27 සහ 28 යන දිනවල කොළඹ දී පැවැත්වීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
Video Story