May, 9, 2023
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
මේ වන විට ජාතික රක්ෂණභාර අරමුදල මඟින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයින් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණ (අග්‍රහාර) සලසා ඇති අතර, තවත් සැලකිය යුතු පුරවැසියන් සංඛ්‍යාවක් වෙනත් සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මඟින් ආවරණය ලබා ගෙන තිබේ.
එසේම, රජයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ අමතර පහසුකම් වෙනුවෙන් පෞද්ගලිකව මුදල් ගෙවා එකී පහසුකම් ලබා ගැනීමට ඇතැම් පුරවැසියන් කැමැත්තෙන් සිටී.
ඒ අනුව, ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story