May, 9, 2023
වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස තමන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක් තුළ සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවයි. එසේ ම පසුගිය දා තිරිගු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%ක් පමණ පහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයක් තුළ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බව සියඹලාපිටිය මහතා සඳහන් කරයි. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් සහ රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09) මේ බව පැවැසීය.
Video Story