May, 11, 2023
Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව විසින් ගෙන තිබූ තීරණය 2023 ජූනි 30 දක්වා දීර්ඝ කර තිබේ. මීට පෙර 2023 අප්‍රේල් 11 දින සිට 2023 මැයි 02 දින දක්වා Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට පියවර ගැනුණි.
සමාගම සංස්ථාපනයේ දී දක්වා ඇති ආකාරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය පවත්වාගෙන යාමට Cooperative Insurance Company PLC අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව සඳහන් වේ.
මේ අනුව නව ගනුදෙනු ආරම්භ කිරීම හෝ කල් ඉකුත්වන රක්ෂණ ඔප්පු දීර්ඝ කිරීම Cooperative Insurance Company PLC හට තහනම් වනු ඇත.
Cooperative Insurance Company PLC කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රක්ෂණ සමාගමකි.

Video Story