May, 11, 2023
2023 මැයි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 18,401 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී. මේ අනුව 2023 වසරේ මැයි 07 දින දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 459,578 කි.
මැයි පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 26% ක්ම ඉන්දියානුවන් වේ. සංඛ්‍යාත්මකව එම අගය 4,824 කි. 2023 අප්‍රේල් මාසය තුළ දීද මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබුණු මූලාශ්‍රය බවට ඉන්දියාව පත්ව තිබූ අතර එම ප්‍රමාණය සංචාරකයින් 19,915 ක් හෙවත් 19%ක අගයයකි.
2023 මුල් මාස 04 තුළ දී අඛණ්ඩව මාසික සංචාරක පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසර තුළ දී 260,000 ක ඉන්දීය සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
සමස්තයක් ලෙස මීට පෙර 2023 වසර සඳහා මිලියන 1.55 ක සංචාරක පැමිණීමක් ඇස්තමේන්තු කර තිබුණු බවත් සංචාරක පැමිණීමෙහි වාර්තා වී ඇති මෙම පිබිදීමත් සමඟින් මිලියන 2 ක සංචාරකයින් පිරිසක් 2023 වසර සඳහා අපේක්ෂා කරනු ලබන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.




Video Story