May, 15, 2023
ජනතා සෞඛ්‍ය රැක දෙන මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි – සාගල රත්නායක මහතා ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයේ දි පවසයි.
‘හෙල්ත් ටුවරිසම්' (Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක ‘හෙල්ත් ටුවරිසම්’ වැඩපිළිවෙළ හිතකර බවත්, හෙද කේෂ්ත්‍රය තුළින් ද නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන ව්‍යාපාර ඇති කළ යුතුව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
සාගල රත්නායක මහතා මේ බව පෙන්වා දුන්නේ ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් පසුගිය (12) දා කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ උත්සවයට එක්වෙමිනි.
හෙද නිලධාරිනියන්ට සහ හෙද නිලධාරීන්ට විශිෂ්ටතා සම්මන පිරිනැමීම ද මෙයට සමගාමීව සිදුකෙරිණි.
Video Story