ඉතිහාසයේ දැවැන්තම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට මහ බැංකුව සැරසෙයි

    May, 15, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

    එළඹෙන බදාදා (17) මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතය.

    මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ කැඳවා ඇති විශාලතම බිල්පත් වෙන්දේසිය බවට වාර්තා වේ.

    කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් රු. මිලියන 90,000 ක සහ දින 182 හා දින 364 බිල්පත් රු. මිලියන 45,000 බැගින් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.