ඩොලරයේ මිල තවදුරටත් පහළට

    May, 16, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (16) දිනයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ.

    ඒ අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 305.43 ක් සහ විකුණුම් මිල රු. 318.79 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2022 අප්‍රේල් 07 දිනෙන් පසු ඩොලරයක් සඳහා වාර්තා වූ අවම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.