ඩොලරය වාර්තාගත ලෙස පහළට

    May, 17, 2023

    අද (17) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.42 ක් සහ විකුණුම් මිල රු. 316.18 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 මැයි 12 දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 15.8කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

    මේ අතර වානිජ බැංකු විසින් දෛනිකව ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පෙර මට්ටම්වලට වඩා පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

    අද දින මෙරට ප්‍රමුඛ වානිජ බැංකුව කිහිපයක් විසින් ප්‍රකාශ කර තිබූ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.

    ලංකා බැංකුව - රු.302.00 - රු. 316.00

    මහජන බැංකුව - රු. 301.22 - රු. 314.77

    සම්පත් බැංකුව - රු. 301.00 - රු. 313.00

    HNB - රු. 303.00 - රු. 316.00

    සෙලාන් බැංකුව - රු. 304.00 - රු. 316.00

    DFCC - රු.301.00 - රු. 317.00                         

    NDB - රු. 304.50 - රු. 314.50

    අමානා බැංකුව - රු. 306.25 - රු. 313.25