කොකා-කෝලා ශ්‍රී ලංකා SLIM Kantar People’s Awards 2023 හිදී සම්මානයට පාත‍්‍ර වෙයි

    May, 18, 2023

    වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප‍්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)  විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ 2022 වසරේදී මෙන්ම මේ වසරේදී ද අඛණ්ඩව මෙම සම්මානයන්ට පාත‍්‍ර වී තිබීමයි.

    පසුගිය මාස 18ක කාලය පුරාවට කොකා-කෝලා සන්නාමය අලෙවිකරණ නවෝත්පාදනයන් සහ මුලපිරීම් වල ඉදිරියෙන්ම සිටී. ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයින්ගේ නොමඳ ආදරය දිනාගත් නැවුම් ඩිජිටල් අත්දැකීම් ද මෙයට ඇතුළත්ය. Daraz හා Kapruka වැනි ප‍්‍රමුඛ පෙළේ ඊ-වාණිජ්‍ය වේදිකාවල ද Keels, Cargills, Glomark, Spar, Laughs වැනි ප‍්‍රමුඛ පෙළේ online පාරිභෝගික සිල්ලර වෙළෙඳසැල් ජාලයන්හි සහ Uber සහ PickMe වැනි බෙදාහැරීමේ හවුල්කරුවන් ඔස්සේද සිය නිෂ්පාදන ඉදිරියෙන්ම සිටීම ගැන කොකා-කෝලා ශ්‍රී ලංකා ආඩම්බර වේ.

    මීට අමතරව, කොකා-කෝලා ශ්‍රී ලංකා Pizza Hut හා McDonalds වැනි විවිධ ආහාරාපාන එක් කර නිර්මාණය කරනු ලබන food combos සඳහා ප‍්‍රමුඛ පෙළේ ක්ෂණික ආහාර ජාලයන් සමඟ ද අත්වැල් බැඳගනිමින් ඒවා පාරිභෝගිකයින්ට අන්තර්ජාලය හරහා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇත. සිය සන්නාමයේ ඩිජිටල් ක‍්‍රියාකාරීත්වය ප‍්‍රබලතම සාධකයක් වන අතර පාරිභෝගිකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට සිය ඩිජිටල් වේදිකාවන් උපරිම ලෙස භාවිත කිරීමට කොකා-කෝලා ශ්‍රී ලංකා කටයුතු කරමින් සිටී.

    ලබා ගත් මෙම ජයග‍්‍රහණයන් පිළිබඳව අදහස් දක්වමින් දේශීය වෙළෙඳ ප‍්‍රධානී, කොකා-කෝලා ශ‍්‍රී ලංකා හා මාලදිවයින, අනෝජා රත්නසභාපති මහත්මිය පැවසුවේ ‘‘ මෙම සම්මාන දිනා ගැනීමට ලැබීම සැබවින්ම ගෞරවයක් වගේම මෙය අපගේ සමස්ත කණ්ඩායමේම වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳ කදිම සාක්ෂියක්. අපගේ පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලන තරුණ, නව්‍ය, ප‍්‍රබෝධමත් සහ උද්යෝගිමත් අත්දැකීම් ලබා දීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා.’’ යනුවෙනි.

    ‘‘ඔබගේ ප‍්‍රියතම සිසිල් බීම සන්නාමය ලෙස කොකා-කෝලා ශ‍්‍රී ලංකා තෝරා ගැනීම ගැන ඔබට ස්තුතියි. මෙම සම්මානයෙන් අපගේ පාරිභෝගිකයින් සමඟ ඇති අපගේ ශක්තිමත් සම්බන්ධතාවය මැනවින් පිළිබිඹු වනවා. ඔවුන් නොමැතිව මෙය කිසිසේත් ජයග‍්‍රහණය කළ නොහැකියි.’’ යනුවෙන් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ ශමල් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    2007 වසරේ සිට සන්නාම පිළිබඳ මහජනතාවගෙන් ලබා ගන්නා සැබෑ දත්ත මත පදනම් කොටගෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ ජයග‍්‍රාහකයන් තෝරාගනු ලබන SLIM Kantar People’s Awards ශ‍්‍රී ලාංකීය පාරිභෝගික හා ව්‍යාපාර ආයතනික දෙපාර්ශ්වයේම සුවිශේෂී අවධානයක් දිනාගත් සම්මාන ප‍්‍රදානෝත්සවයකි.

    කොකා-කෝලා ශ්‍රී ලංකා සිය පාරිභෝගිකයින්ට නැවුම් සහ නව්‍ය අත්දැකීම් එක් කරමින් ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අඛණ්ඩව කැපවී කටයුතු කරමින් සිටී.

    කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ ශාමල් ගුණවර්ධන (වමේ සිට අටවැන්නා) මහතා 2022 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ ව්‍යාපෘති භාර සුමිත් ද සිල්වා (වමේ සිට හත්වැන්නා) මහතා අතින් “Beverage Brand of The Year’’ සම්මානය ලබා ගනිමින්. සිංගර් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ භාණ්ඩාගාරික මන්තික රණසිංහ යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

     

    Image Caption - දේශීය වෙළෙඳ ප‍්‍රධානී, කොකා-කෝලා ශ‍්‍රී ලංකා හා මාලදිවයින, අනෝජා රත්නසභාපති මහත්මිය (වමේ සිට හත්වැනියා) ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපතිඃ අධ්‍යාපනය චින්තක පෙරේරා (වමේ සිට හයවැනියා) මහතා අතින් “Youth Choice Beverage Brand of The Year’’ සම්මානය ලබා ගනිමින්. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා සහ කණ්ඩායම ද ඡායාරූපයේ වෙයි.