May, 18, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි.
1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මැයි මස 19 සහ 2023 පෙබරවාරි මස 16 දින නිකුත් කරන ලද ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝග වහාම බලපැවැත්වෙන පරිදි අහෝසි කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින සියලුම බලපත්‍රලාභී වානිජ බැංකු වෙත දැනුම් දී සිටී.

Video Story