නව සංවර්ධන ව්‍යාපෘති ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

    May, 23, 2023

    නිසි පරිදි හඳුනා ගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති/වැඩසටහන් ආරම්භ කිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙනී ගොස් තිබේ.

    එබැවින්, රජයේ නව ව්‍යාපෘති/වැඩසටහන් ඇගයීමේ ක්‍රියාවලිය සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීම පිළිබඳව වන යෝජනාවක් 2023 වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් කිරීමේදී මුදල් විෂයය භාර අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටු විසින් සලකා බලනු ලබන ඇස්තමේන්තුගත පිරිවැය හෝ ඊට වැඩි ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත ව්‍යාපෘති/වැඩසටහන් පිළිබඳව සිය නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන දයා ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.