May, 23, 2023
රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දී ඇති රු. බිලියන 372 ක ණය, රජයේ හිමිකම් ආයෝජනයක් බවට පරිවර්තනය කිරීමට තීරණය කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 මූල්‍ය ප්රකාශනයෙහි මේ බව සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ණයබර අඩුකිරීමේ පියවරක් ලෙසින් මහා භාණ්ඩාගාරය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම රු. බිලියන 372ක ණය තුළ නොරොච්චෝලේ බලාගාරය සඳහා වන ණය සේවාකරණයන් සහ නොරොච්චෝලේ සහ තවත් ව්‍යාපෘති 7ක් සඳහා ශ්‍රී ලංකා රජය, විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එළඹ ඇති ණය ගිවිසුම් අන්තර්ගත වන බව වාර්තා වේ.

Video Story