May, 23, 2023
මෑත කාලීන ශ්‍රී ලංකා ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා Peter Breuer සහ Masahiro Nozaki යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරය අද (23) දින අවසන් කරන ලදී. මෙම සංචාරය පසුගිය මැයි 11 වැනි දින ආරම්භ විය.
සංචාරය අවසානයේ බෲවර් සහ නොසාකි යන මහත්වරු පහත ප්‍රකාශය නිකුත් කරන ලදී.
“මෙම සංචාරයේදී අපි මෑතකාලීන සාර්ව ආර්ථික සහ මූල්‍ය අංශයේ වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළෙමු. ශක්තිමත් ප්‍රතිපත්ති ප්රයත්නයන්ගෙන් පසුව, උද්ධමනය මධ්‍යස්ථ වීම, විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ මහ බැංකුව සංචිත ප්‍රතිස්ථාපන සමඟ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරමින් සිටී. කෙසේ වෙතත්, සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය අභියෝගාත්මකව පවතී.
“අරමුදල් අනුග්‍රහය සහිත වැඩසටහන යටතේ ප්‍රධාන වගකීම් ඉටුකිරීම සඳහා බලධාරීන්ගේ අඛණ්ඩ උත්සාහයන් අපි සාදරයෙන් පිළිගනිමු. 2023 සැප්තැම්බරයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානයේ පළමු සමාලෝචනයේ සන්දර්භය තුළ වැඩසටහන යටතේ කාර්ය සාධනය විධිමත් ලෙස තක්සේරු කරනු ලැබේ. සාර්ථක ආදායම් බලමුලු ගැන්වීම සහතික කිරීම සඳහා තීරණාත්මක වන අතිරේක රාජ්‍ය මූල්‍ය ප්රයත්නයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. විදේශීය සහ දේශීය ණය හිමියන් සමඟ සිදුවෙමින් පවතින සාකච්ඡා සැලකිල්ලට ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු. පළමු සමාලෝචනය වන විට වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණයහිමියන් සමඟ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත ගිවිසුම් සාක්ෂාත් කර ගැනීම ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම මෙන්ම මහ බැංකු ස්වාධීනත්වය සහතික කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ වැඩසටහන් බැඳීම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත.“
Video Story