මහ බැංකුව රු. කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් විකුණයි

    May, 31, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණු අතර වෙන්දේසියේ දී එම ප්‍රමාණයම නිකුත් කිරීමට ද කටයුතු කර තිබුණි.

    මෙම වෙන්දේසිය සඳහා ලැබුණු ලංසු ප්‍රමාණය රු. මිලියන 270,718 කි.

    පසුගිය වෙන්දේසිය හා සැසඳීමේ දී මෙම වෙන්දේසියේ දී දින 91 හා දින 182 බිල්පත් පොලී අනුපාතිකයන් පදනම් අංක 1 බැගින් පහළ ගොස් තිබුණු අතර දින 364 බිල්පත් පොලී අනුපාතිකය පදනම් අංක 6 කින් පහළ ගොස් තිබුණි.