ප්‍රයිම් සමුහය විසින් ගම්පහ පිහිටි එකම සුඛෝපභෝගී ජීවන රටා සහාධිපත්‍ය නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ළඟදීම නිම කිරීමට නියමිතයි

    June, 5, 2023

    • ඉදිකිරීම් 70%ක් දැනටම නිමයි
    • 17% පොලී සහිත බැංකු ණය පහසුකම් ඇතුළු ආකර්ශණීය පහසු ගෙවීමේ ක්‍රම

    සීග්‍රයෙන් දියුණු වන ගම්පහ පිහිටි එකම සුඛෝපභෝගී ජීවන රටා සහාධිපත්‍ය නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිමාවට දැන් ආසන්න බව රටේ විශාලතම හා විවිධාංගකෘත ඉඩම් හා දේපොළ සංවර්ධන සමාගම වන Prime සමූහය අභිමානයෙන් ප්‍රකාශ කරයි. කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ මී. 100 ක පමණ දුරින් පිහිටි මෙම සහාධිපත්‍ය නිවාස සංකීර්ණය, නාගරික පසුබිමක පිහිටිය ද, හරිත පරිසරය සමග කැපී පෙනෙන අතර, එය සාමාන්‍ය නිවසකට වඩා එහා ගිය තැනක් සොයන අයගේ අපේක්ෂාවන් පිරිමැසීම සඳහා සකස් කොට තිබේ.

    Prime සමූහයේ සම සභාපති, සඳමිණි පෙරේරා මිය මෙසේ පවසා සිටියාය, "ගම්පහ පිහිටි සුඛෝපභෝගී ජීවන රටා සහාධිපත්‍ය නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී ජීවිතයකට හා විශිෂ්ට ජීවන රටාවකට අවස්ථාව ලැබෙනවා. අක්කර-13ක් පුරා පිහිටි මෙම ව්‍යාපෘතියෙන් 70% ක් හරිත ප්‍රදේශයක් වනවා. ඉදිකිරීම් පවතින්නේ 30% ක පමණයි. ආරක්‍ෂිත ප්‍රජාවක් වන මෙහි, නිවාස මාදිලි තුනක් තිබෙනවා. සෑම නිවසක්ම නවීන උපාංග වලින් සමන්විතයි. ඉන් අමතරව, පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, කුඩා සුපිරි වෙළඳසැළක්, ව්‍යායාම මංතීරුවක් ඇතුළු, පහසු, නිරෝගී දිවියක් ගෙවීම සඳහා වෙනත් පහසුකම් රාශියක් ද තිබෙනවා."

    "ආකර්ශණීය ගෙවීම් ක්‍රම කිහිපයක් අපි හඳුන්වා දී තිබෙනවා. වෙළඳපොළේ පොලී අනුපාතය ඉහළින් පැවතියත්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 17% ක පොලී අනුපාතයකට බැංකු ණය ලබා දීමට Prime විසින් සැලසුම් කොට තිබෙනවා. පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් මත සකසන ලද, ඒ හා සමානව ආකර්ශණීය වෙනත් පොලී රහිත ගෙවීම් ක්‍රම ද තිබෙනවා," යයි ඇය වැඩි දුරටත් පැවසුවාය.

    ගම්පහ නගරය සීඝ්‍රයෙන් නවීන නාගරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් පවතී.  බණ්ඩාරනායක විද්‍යාලය, ගෝතමී විද්‍යාලය, රත්නාවලී විද්‍යාලය, සිරි කුරුස විද්‍යාලය හා රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසැල වැනි ප්‍රධාන පෙලේ පාසැල් මෙම සුඛෝපභෝගී ජීවන රටා සහාධිපත්‍ය නිවාස සංකීර්ණයට ඉතා සමීපව පිහිටා තිබේ. යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට ද, දුම්රිය ස්ථානය, සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් හා වෙනත් නාගරික පහසුකම් වලට ද, එය සමීපව පිහිටා තිබේ.

    "මෙම ව්‍යාපෘතිය නිම වීමට ආසන්නව පවතින අතර, මෑතක දී, Prime සමූහයේ මුලික හා දැවැන්තම ව්‍යාපෘතිය වන කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි The Grand අති-සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණය නිම කොට භාර දී තිබෙනවා. අපගේ පොරොන්දු නිසි ලෙස ඉටු කරන බවට එය හොඳම සාක්ෂිය වන අතර, රට පුරා සිටින ගනුදෙනුකරුවන් සිය ගණනකගේ සිහින සැබෑ කර දීමට ලැබීම භාග්‍යයක් වනවා. අප එසේ කරන්නේ, ඉහළම නිපුනතා, ක්‍රමවේද සහ අමු ද්‍රව්‍ය ඉතා නිවැරදි තත්ත්ව පාලනයන් යොදා කළමනාකරණය කිරීමෙනි. ඔබටත් මෙම සහාධිපත්‍ය නිවාස සංකීර්ණය නිරීක්ෂණය කොට, මෙම විශිෂ්ට ජීවන රටා ප්‍රජාවට එක් විය හැකියි," යනුවෙන් ඇය අවසන් ලෙස පවසා සිටියාය.

    Prime සමූහය යනු ශ්‍රී ලංකාවේ වැඩිම තිළිණ ලබා ගත්‍ ඉඩම් හා දේපොළ වෙළඳ සමාගමයි. ඔවුන් සතුව දැනට ඉදිවෙමින් පවතින හා නිම කළ ව්‍යාපෘති අතර, තනි නිවාස ව්‍යාපෘති තිහක් හා රට පුරා පිහිටි ඉඩම් ව්‍යාපෘති ගණනාවක් ද වේ. කොළඹ හා තදාසන්න පෙදෙස්වල සහාධිපත්‍ය නිවාස සංකීර්ණ හතලිහකට වැඩි ප්‍රමාණයක් ද වේ. එය සමූහයේ මුල්‍ය ස්ථාවරය හා ගනුදෙනුකරුවන්ට දෙන පොරොන්දු ඉටු කිරීම පිළිබඳව හොඳම සාක්ෂිය වේ.