June, 6, 2023
ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදයේ නියෝජිතායතනය (USAID) සහ ජාත්යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (IREX) විසින් ජංගම මාධ්‍යකරණය සහ ඩිජිටල් කතන්දර වාර්තා කීරීමේ කලාව දින දෙකක් පුරා සැමරෙන MoJo Lanka උත්කර්ෂවත් උළෙල පිළිබඳව, ඉතා සතුටෙන් දන්වා සිටී.
මෙම උළෙල ජුනි මස 24 සහ 25 යන දිනවල ශ්‍රී ලංකාවේ කොළඹ මැරියට් කෝර්ට්යාඩ් හෝටලයේදී පැවැත්වේ.
MoJo Lanka උළෙල මගින් මාධ්‍යවේදීන්ට, කතන්දර වාර්තා කරන්නන්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට ජංගම මාධ්‍යකරණයේ සීීඝ්‍රයෙන් වෙනස් වන පසුබිම ගවේෂණය කිරීම සඳහා සුවිශේෂී වේදිකාවක් ලබා දෙනු ඇත. එමෙන්ම, මෙම උත්සවය තුල ජාතික හා ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ එකතුවක් සහිත පුරවැසි මාධ්‍යකරණ කලාවේ ප්‍රබල බලපෑම, ව්‍යාජ පුවත්වලට එරෙහිව සටන් කිරීමේ උපාය මාර්ග සහ ඩිජිටල් අන්තර්ගතයන් සඳහා පරිශීලකයන් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමේ තාක්ෂණික ක්‍රම ඇතුළු ප්‍රධාන මාතෘකා යටතේ සංවාද මාලාවක් පැවැත් වේ.
#MoJoFest නිර්මාතෘ සහ MoJoකලාවේ ප්‍රබල චරිතයක් වන ග්ලෙන් මල්කාහි, මෙම උත්සවයට ප්‍රධාන කථිකයා ලෙස පැමිණීම ගෞරවාන්විත එකතු කිරීමක් ලෙස සැලකිය හැකි අතර, තම නිර්මාණ තුලින් ජංගම මාධ්‍යකරණ කලාවේ ගෝලීය ව්‍යාප්තියට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති මල්කාහිගේ තීක්ෂණ අවබෝධය සහ විද්වත් උපාය මාර්ගික අදහස් තුලින් සහභාගිවන්නන් ප්‍රබෝධමත් වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජුලි චංග් මෙම උත්සවයේදී අදහස් දැක්වීමට නියමිතයි- දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ප්‍රධාන දේශනා (Masterclasses) තුලින් MoJo කතන්දර වාර්තා කීරීමේ කලාවේ සූක්ෂ්ම කාරණා අධ්‍යයනය කිරීමටද සහභාගිවන්නන්ට අවස්ථාව සලසා දෙනු ලැබේ. වීඩියෝ මාධ්‍යවේදීන්ගෙන් පමණක් සමන්විත කාර්ය මණ්ඩලයක් සහිත පළමු BBC ප්‍රවෘත්ති කාමරයේ සංස්කාරකවරයා වූ ඩේවිඩ් හේවර්ඩ් වැනි ක්ෂේත්‍රයේ දැවැන්තයන් සහ ජංගම වාර්තාකරණය ප්‍රබලව වර්ධනය වීම සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කිරීමට ක්ෂේත්‍රයේ අනෙකුත් ගෞරවනීය වෘත්තිකයන් එක්වනු ඇත. එමෙන්ම, අංගසම්පූර්ණ කතාවක් රූගත කිරීම පිළිබඳ දේශනයන් සම්මානලාභී ජංගම මාධ්‍යවේදියෙකු සහ නිෂ්පාදකයෙකු වන කේ.සී. සාරංග විසින් පවත්වනු ලබයි.
“ජංගම මාධ්‍යකරණ කලාව ප්‍රවෘත්තිවල සිදුවන විශාලතම විප්ලවයයි- ස්මාර්ට් ජංගම දුරකතනයක් සමඟ, ඕනෑම කෙනෙකුට කැමරා ශිල්පියෙකු, සංස්කාරකවරයෙකු, නිෂ්පාදකයෙකු සහ ක්ෂණික ප්‍රවෘත්ති ප්‍රකාශකයෙකුගේ භූමිකාව භාර ගත හැක. පුවත්පත් කලාවේ යහපත් පැවැත්මට හානි කළ හැකි වැරදි තොරතුරු සහ ව්‍යාජ තොරතුරු වර්ධනය වීම අවම කිරීමට අප මෙම මුලපිරීම සඳහා සහාය වෙනවා. එක්සත් ජනපදය, සෑම ප්‍රජාතන්ත්‍රවාදයකම ප්‍රධාන කුළුණක් වන මාධ්‍යවේදයේ සුපිලිපුන්භාවයේ ස්ථීර ආධාරකරුවෙක් වන අතර විශේෂයෙන්ම දීර්ඝ, අභිමානවත් සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටද සහාය වේ. මෙය අප දෙරට අතර වසර 75ක සමීප සහයෝගීතාව තුල අප විසින් පවත්වා ගෙන ගිය ස්ථාවරයක්” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබි්‍රයල් ග්රව් පැවසීය.
USAID හවුල්කාරිත්වය සමඟ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීමේ (MEND) වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ජංගම මාධ්‍යවේදය ප්‍රවර්ධනය කිරීමේ උත්ප්‍රේරකයක් වී ඇත. මෙම උත්සවය එහි ප්‍රබල ප්‍රකාශනයක් වන අතර, නව සහ ස්ථාපිත අන්තර්ගත නිර්මාණකරුවන්ට ජාලගත කිරීමට, අත්දැකීම් බෙදා ගැනීමට සහ ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට මෙය අනගි වේදිකාවක් සපයයි.
“MoJo Lanka යනු හුදෙක් උළෙලකට වඩා වැඩි දෙයක් ලබා ගත හැකි දින දෙකක්” බව USAID විසින් අරමුදල් ලබා දෙන MEND වැඩසටහනේ ප්‍රධානී ජීන් මැකෙන්සි පැවසීය. “එය ශ්‍රී ලංකාව තුළ කතන්දර වාර්තා කීරීමේ සහ කියවෙන ආකාරය සම්බන්ධ විප්ලවීය වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රියාවලියක් සනිටුහන් කරයි. ජංගම තාක්ෂණයේ බලය සහ වර්තමාන සයිබර් ලෝකය විසින් සපයනු ලබන අන්තර්ගත නිර්මාණය සඳහා ඇති විශාල හැකියාවන් උපයෝගී කර ගනිමින්, අපි නැවුම් පැතිකඩක් සහ නව හඬවල් මාධ්‍ය පරිසරයට ලබා දෙනවා.“
මෙම උළෙල තුලදී ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණයේ දක්ෂතා ඉස්මතු කිරීමක් පමණක් නොව රට තුළ නව ඩිජිටල් කතන්දර වාර්තා කීරීමේ රැල්ලක් ඇති කරන උත්ප්‍රේරකයක් ලබා දෙන පරිවර්තනීය උළෙලක් වන බවටද බලාපොරොත්තු තැබිය හැක.
MoJo Lanka පිළිබඳ වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න - https://mojolanka.lk/



Video Story