June, 8, 2023
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඊයේ (07) තීරණය කළේය.
ස්ථාවර නියෝග 121 අනුව මෙම නම් කිරීම සිදු කොට ඇති අතර (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයේන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වේ.
(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය දැරීය.
Video Story