ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට සහය දක්වමින් කුරුණෑගල ප්‍රදේශය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන සුව සැරිය ගිලන් රථයක් නඩත්තු කිරීම සඳහා භාරකාරත්වය ලබා ගෙන තිබේ.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් පිට පළාත්වලටද ලබාදීම කෙරෙහි විෂන් කෙයා ආයතනය නිරන්තරයෙන් අවධානය යොමු කරන බැවින් කුරුණෑගල ප්‍රදේශය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන සුව සැරිය ගිලන් රථයක් නඩත්තු කිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම වසර මුලදී, විෂන් කෙයා ආයතනය සිය කුරුණෑගල ශාඛාවද වැඩිදියුණු කරමින් නවීන පහසුකම් සහිත අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් කුරුණෑගල ශාඛාවට එක් කරන ලදී.
විෂන් කෙයා ආයතනය ආරම්භයේ සිටම විවිධ සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක් හරහා මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත. “නේත්රාලෝකන සත්කාරය” වැනි සමාජ සත්කාරක වැඩසටහන් මඟින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සිදු කෙරෙන අතර, සමාගම විසින් දිවයින පුරා, විශේෂයෙන් අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සඳහා නිතිපතා නොමිලේ අක්ෂි සෞඛ්‍ය කඳවුරු ද පවත්වයි.
විෂන් කෙයා ආයතනයේ සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා ප්‍රකාශ කළේ, “විෂන් කෙයා ආයතනය මෙම 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ
‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට සම්බන්ධ වීම මඟින් කුරුණෑගල ප්‍රදේශයේ සහ ඒ අවට ප්රජාවන්ගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ
ක්‍රියාවලිය සඳහා අපට දායක වීමට හැකිවී තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවාව වැනි අත්‍යවශ්‍ය සේවාවන් දිගටම පවත්වා ගෙන යාමට රටේ පුද්ගලික අංශය විසින් දරන මෙම දැවැන්ත ප්රයත්නයේ කොටස්කරුවෙකු වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වනවා.”
1990 සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා අදහස් දක්වමින් ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට සම්බන්ධ වීම ගැන විෂන් කෙයා ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. දිවයින පුරා රෝහල් වෙත දිනපතා රෝගීන් කඩිනමින් රැගෙන යාමෙන් ශ්‍රී ලාංකික සෞඛ්‍ය ක්ෂේත්රයට මෙම ගිලන්රථ සේවය මඟින් විශාල කාර්යභාරයක් සිදුකෙරෙනවා. 1990 සුවසැරිය ගිලන් රථ සේවය මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව විසින් අතිශයින් අගය කරනු ලබන සේවයක් බව සඳහන් කළ යුතුය.”
වසර 30ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
1990 සුව සැරිය පදනම පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද අතර දිවයින පුරා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ හදිසි පූර්ව වෛද්‍ය සේවාවන් ලබා දෙයි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහිත ගිලන් රථ 300 ක් පමණ සුව සැරිය සේවාව සතුව පවතින අතර දිනකට රෝගීන් 1000 කට අධික සංඛ්‍යාවක් රෝහල් වෙත ඉක්මනින් රැගෙන යමින්, විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට මෙම සේවාව සමත් වී තිබේ.
ඡායාරූප ශීර්ෂපාඨය : විෂන් කෙයා ආයතනයේ සභාපති දසන්ත ෆොන්සේකා මහතා විසින් 1990 සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා වෙත ගිවිසුම ප්රදානය කරමින්