June, 20, 2023
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පවත්වන උපදේශන සම්මන්ත්රණ මාලාවේ තුන්වැනි සහ හතරවැනි උපදේශන සම්මන්ත්රණ පසුගියදා වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවලදී පැවැත්විණි. මෙහි මූලික අරමුණ වූයේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ තම ව්‍යාපාර කළමනාකරණය කිරීමට ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා පුළුල් ව්‍යාපාරික මාර්ගෝපදේශ සහ මූල්‍ය උපදේශන පිරිනැමීමයි.
වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවල පැවති උපදේශන සම්මන්ත්‍රණවලට ව්‍යාපාර ක්ෂේත්රයේ ප්‍රමුඛයන්, විවිධ ක්ෂේත්රවල විශේෂඥයන් සහ දකුණ, බස්නාහිර සහ වයඹ යන පළාත්වල ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්වූහ. සුභවාදී දැක්මකින් යුතුව ව්‍යාපාර කටයුතු සිදුකිරීමට ව්‍යවසායකයන් දිරිගන්වන අතරම, ව්‍යාපාර ඩිජිටල්කරණය හා ඒකාබද්ධ වීම මගින් සිදුවන බලපෑම් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමද මෙහිදී සිදුකරන ලදි.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති රන්දිල් බොතේජු මහතා සහ ආරාධිත දේශක ලෙස වයඹ විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ අධ්‍යයනාංශයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙම සම්මන්ත්‍රණවලදී දේශන පැවැත්වූහ.
දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හේමන්ත ගුණතිලක සහ විධායක උප සභාපති (වාණිජ බැංකු අංශය) අරෝෂ ලියනආරච්චි යන මහත්වරුන් මීගමුවේ ව්‍යාපාර උපදේශන සම්මන්ත්‍රණයේ ව්‍යාපාරික ප්‍රජාව සමග සුහද කතා බහක නියැලෙමින් සිටි අයුරු

වයඹ විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ අංශයේ ආරාධිත කථික, මූල්‍ය කළමණාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අමින්ද මෙත්සිල මහතා මීගමුවේ ව්‍යාපාර උපදේශන සම්මන්ත්‍රණයේ රැස්ව සිටි පිරිස ඇමතු අයුරු

මීගමුවේ ව්‍යාපාර උපදේශන සම්මන්ත්‍රණය

මීගමුවේ ව්‍යාපාර උපදේශන සම්මන්ත්‍රණය

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති රන්දීල් බොතේජු මහතා වැලිගම ව්‍යාපාර උපදේශන සම්මන්ත්‍රණයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින්.

වයඹ විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ අංශයේ ආරාධිත කථික, මූල්‍ය කළමණාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අමින්ද මෙත්සිල මහතා වැලිගම ව්‍යාපාර උපදේශන සම්මන්ත්‍රණයේ රැස්ව සිටි පිරිස ඇමතු අයුරු
Video Story