June, 26, 2023
දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියේ දී මෙරට ජනතාවගේ බැංකුවල ඇති තැන්පතු මුදල්වලට කිසිදු හානියක් නොවන බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඊයේ (25) විශේෂ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේය.
“ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් සහතික කරලා කියන්න පුළුවන්, මේ දේශීය ණය ප්‍රශස්ථකරණය කියන වැඩපිළිවෙල යටතේ, යෝජනා කර ඇති පරිදි, දේශීය බැංකු සහ බැංකු නොවන තැන්පත් තබා ගන්නා ආයතනවල තියෙන තැන්පත්වල, තැන්පත් මුදල හෝ දැනට ඒ අයට ලැබෙන පොලී මුදල, කිසිම අඩුවක් වෙන්නේ නැති විදියට, ඒකට හානියක් වෙන්නේ නැහැ, මේ කරන යෝජනා කර ඇති දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩපිළිවෙල තුළින්.“
“දේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ දී බැංකු පද්ධතියේ ස්ථායීතාවය සහ බැංකුවල තැන්පත් කර ඇති ජනතාවගේ මුදල් සුරක්ෂිතතාවය ගැන මහ බැංකුව විශේෂයෙන් දැඩි අවධානයක් යොමුකරලා තමයි මේ යෝජනාව සකස් කරලා තියෙන්නේ. අපි ඒ සහතිකය ලබා දෙන්න පුළුවන් බැංකුවල තියෙන දේශීය තැන්පත්වලට, තැන්පත්කරුවන්ට කිසිදු හානියක් නොවෙනවා කියන සහතිකය පණිවුඩය දෙන්න අවශ්‍යයි.“
Video Story