June, 26, 2023
කොමර්ෂල් බැංකුව කටාර්හි වසර 20 ක ප්‍රේෂණ මෙහෙයුම් අණුස්මරණය කිරීමේ සැමරුම් උත්සවය, පසුගිය දා එහි කළමනාකාරීත්වය හා විනිමය කාර්යාල සේවකයින්, බැංකුවේ ප‍්‍රමුඛතම ගනුදෙනුකරුවන් සහ එරට අනෙකුත් පාර්ශවකරුවන් සඳහා සත්කාරකත්වය සපයමින් පවත්වන ලදී.
දෝහා අල්වාඩි හෝටල් පරිශ‍්‍රයේ පැවති මෙම විශේෂ සිදුවීමේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටාර්හි ශී‍්‍ර ලංකා තානාපති අතිගරු මොහොමඞ් මාෆාස් මොහිදීන් මහතා සහභාගී විය. කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - ඩිජිටල් බැංකුකරණය ප‍්‍රදීප් බන්දුවංශ මහතාගේ පිළිගැනීමේ කතාවකින් උත්සවය ආරම්භ විය. වටිනා අවබෝධයන් රැසක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී එස් ප‍්‍රභාගර් මහතා විසින් ප‍්‍රධාන දේශනය පවත්වන ලදී.
අනෙකුත් සහභාගී වූවන් අතර කටාර්හි සිටින කොමර්ෂල් බැංකු පේ‍්‍රෂණ හවුල්කරුවන්, තෝරාගත් ශී‍්‍ර ලාංකික ගනුදෙනුකරුවන් සමඟ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, ගෝලීය පේ‍්‍රෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී රංගිකා චන්ද්‍රසේන මහත්මිය සහ කොමර්ෂල් බැංකුවේ කටාර්හි ව්‍යාපාර ප‍්‍රවර්ධන නිළධාරීන් ඇතුළු බැංකුවේ කාර්ය මණ්ඩලය ද විය.
උත්සවාකාරයෙන් කේක් කැපීමෙන් මෙම සන්ධිස්ථානය සනිටුහන් කරන ලද අතර පේ‍්‍රෂණ පාර්ශවකරුවන් ඇගයීමේ අරමුණින් ඔවුන්ට සමරු ඵලක ප‍්‍රදානය කරමින් උපහාර දැක්වීමට ද බැංකුවේ කළමණාකාරීත්වය මෙය අවස්ථාවක් කරගත්තේය.
පේ‍්‍රෂණ සේවාවන්හි මෙම නවතම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී එස් ප‍්‍රභාගර් මහතා මෙසේ පැවසීය: ”කොමර්ෂල් බැංකුව කටාර්හි පේ‍්‍රෂණ මෙහෙයුම් ආරම්භ කළ විට අපි ශී‍්‍ර ලංකාවට මුදල් යැවීම සඳහා වෙබ් පාදක කොට ගත් තත්‍ය කාලීන විසඳුමක් හඳුන්වා දුන්නෙමු. සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් හුදෙක් නිවසට මුදල් යැවීමෙන් ඔබ්බට යන බව අපි සැමවිටම දැන සිටි කරුණකි. එබැවින් පේ‍්‍රෂණ සිදුකරන්නන් සහ ප‍්‍රතිලාභීන් යන දෙඅංශයට ම අවධානය යොමු කරමින් අපගේ සේවා කළඹ අඛණ්ඩව වැඩිදියුණු කිරීම ප‍්‍රමුඛතාවයක් විය. අද ශී‍්‍ර ලාංකික විදේශිකයින් 120,000ක් පමණ සිටින කටාරය, ශ‍්‍රමිකයින්ගේ පේ‍්‍රෂණ සඳහා ප‍්‍රධාන වෙළඳපොළක් ලෙස සැලකිය හැක. අද වන විට කටාර්හි අපගේ මෙහෙයුම්, ව්‍යාපාරික පාර්ශවකරුවන් 15 කට අධික සංඛ්‍යාවක් සමඟ පුළුල් කිරීමට ලැබීම ගැන ආඩම්බර වන අතර අපගේ මෙහි පැමිණීම එම සාර්ථක දශක දෙකක ගමනට සාක්ෂියකි.”
සේයාරු සටහන: කටාර්හි කොමර්ෂල් බැංකු උත්සවයේ විශේෂ අවස්ථා.
Video Story