උක් වවන්න වවුනියාවේ හෙක්ටයාර 200ක් තායිලන්ත සමාගමකට. ඩොලර් මිලියන 400ක ආයෝජනයක්

    June, 27, 2023

    තායිලන්තයේ Sutech Engineering සමාගම විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සහිතව වවුනියාවේ උක් වගා කිරීම සඳහා සහ සීනි නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
    යෝජිත ව්‍යාපෘතිය මඟින් රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් 20%ක් (සීනි මෙට්‍රික්ටොන් 120,000) නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනු ලබයි.
    මෙම ව්‍යාපෘතියට අදාළ කර්මාන්තශාලා පරිශ්‍රය සහ ඒ ආශ්‍රිත පහසුකම් සඳහා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලඳු කැළැවකින් වැසී ඇති වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 200ක ඉඩම් කොටසක් හඳුනාගනු ලැබ ඇත.
    එම ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකඟතාව පළ කර තිබේ.
    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.