July, 13, 2023
මෙරට ප්රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් අයිතිය අද (13) පෙරවරුවේ දී විකුණා දමන ලදී.
ඒ අනුව දංකොටුව පෝසිලේන් හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් තමන් සතුව තිබූ 72.51%ක් වූ දංකොටුව පෝසිලේන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක ප්රමාණයක් අද දින අලෙවි කරනු ලැබීය.
මෙලෙස හුවමාරු වූ කොටස් ප්රමාණය කොටස් මිලියන 81.43 ක් වන අතර එහිදී එක් කොටසක ගනුදෙනු මිල සටහන් වූයේ රු. 28.30 ක් ලෙසිනි.
ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 2.30 ක් හෙවත් රු. කෝටි 230 කි.
ආයෝජන සමාගමක් වන Ceyline Investments (Private) Limited විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර ඇත.
Video Story