CBL සමපෝෂ පාපන්දු ශූරතාවලියේ ‘සමපෝෂ කුසලානය’ කින්නියා මධ්‍ය මහා විද්‍යාලය සහ මලියදේව බාලිකා විද්‍යාලය දිනා ගනී

    August, 15, 2023

    CBL සමපෝෂ අනුග්‍රහක දායකත්වය යටතේ අඛණ්ඩව 12 වන වරටත් පවත්වනු ලැබූ CBL සමපෝෂ අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ දී පසුගියදා සාර්ථකව අවසන් විය.

    ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (Sri Lanka Schools Football Association - SLSFA) විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 30 වැනිදා පැවැත්විණි. බාලක ශූරතාව සඳහා මරදාන සහිරා විද්‍යාලය සහ කින්නියා මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති තියුණු තරගයකින් අනතුරුව අවසන් මහා තරගයේ ජයග්‍රහණය කින්නියා මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගැනීම කැපී පෙනුණු  අවස්ථාවක් විය. එම විද්‍යාලය විසින් මෙම ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

    අවසන් මහා තරගයේ බාලිකා අංශයේ ශූරතාව සඳහා අරලගංවිල විලයාය ජාතික පාසලට එරෙහිව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය තරග වැදුණි. එහිදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර ඔවුන් මෙම ශූරතාවය දිනාගත් හයවැනි අවස්ථාව මෙය වේ. එමෙන්ම විලයාය ජාතික පාසල මෙම ශුරතාවලියේ අවසන් මහා තරගයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

    අවසන් මහා තරගයේ බාලක අංශයේ ප්‍රථම ස්ථානය - කින්නියා මධ්‍ය මහා විද්‍යාලය, දෙවන ස්ථානය - මරදාන සහිරා විද්‍යාලය, තෙවන ස්ථානය - ගලගෙදර ජබ්බාර් ජාතික පාසල සහ සිව්වන ස්ථානය - කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය විසින් දිනා ගත්තේය.

    එහි බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය - කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, දෙවන ස්ථානය - විලයාය ජාතික පාසල අරලගංවිල, තෙවන ස්ථානය - යාපනය මහජන විද්‍යාලය සහ සිව්වන ස්ථානය - කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය විසින් ජයග්‍රහණය කළාය.

    රටේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මධ්‍යස්ථාන 32කදී, දින 30ක් පුරා පැවැති මූලික තරග වට සඳහා කණ්ඩායම් 650ක් මෙම තරගයට සහභාගි විය. පසුගිය ජූලි මස 22 වනදා සිට 24වනදා දක්වා දඹුල්ලේදී පැවැති දෙවැනි හා අවසන් පූර්ව වටයේ තරග සඳහා බාලක අංශයෙන් ජයග්‍රාහී කණ්ඩායම් 32 ක් සහ බාලිකා අංශයේ ජයග්‍රාහී කණ්ඩායම් 24 ක් තරග වැදුනි.

    අනාගත පරපුරේ ක්‍රීඩා කුසලතා සඳහා සහය වීමට සමපෝෂ විසින් කරනු ලබන දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිලධාරී, තිලංක ද සොයිසා මහතා මෙසේ පැවසීය. ''ක්‍රීඩාව දරුවන්ගේ ශාරීරික ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව වර්ධනය කරනවා. ඒ වගේම ක්‍රීඩාව කියන්නේ දරුවන්ට විනය සහ කණ්ඩායම් හැඟීම පිළිබඳව ඉගෙනීමක් ලබා දෙන සියලු හැකියාවන් වැඩි දියුණු කරන හොඳ මෙවලමක්. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සමග දශකයකට වැඩි කාලයක් පුරා පවත්වාගෙන යන මෙම සහයෝගීතාවය තුළින් සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් සහ බුද්ධිමත් පරපුරක් ඉදිරියටත් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.''

    CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී සචි ප්‍රනාන්දු මහත්මිය මේ පිළිබඳව මෙසේ අදහස් පැවසුවාය. ''මනා පෝෂණයෙන් යුත් නිරෝගී පරම්පරාවක් බිහි කිරීම සඳහා සමබල පෝෂ්‍යදායි ආහාර වේලක ඇති වැදගත්කම පිළිබඳව ඉස්මතු කිරීමට සමපෝෂ කැපවීමෙන් ක්‍රියා කරනවා. අපගේ සමපෝෂ 'දිනන දරුවෝ' වැඩසටහන පෝෂණයට පමණක් නොව, දරුවන්ගේ සියලු කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා ද ප්‍රමුඛත්වය ලබා දෙනවා. අපගේ එවැනි පරිශ්‍රමයන් තුළින් පාසල් පාපන්දු ක්‍රීඩාව නව තලයකට ඔසවා තැබීම සඳහා ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය සමගින් එක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.''

    සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සමඟ එක්ව මෙරටේ අනාගත පරපුර තුළ ක්‍රීඩාව, අධ්‍යාපනය, පෝෂණය, නිර්මාණශීලිත්වය වැනි වටිනා ගුණාංග වැඩි දියුණු කිරීමට කැපවී ක්‍රියා කරයි. අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙම පාපන්දු තරගාවලිය CBL සමපෝෂ 'දිනන දරුවෝ' වැඩසටහන යටතේ පැවැත්විණි.

    The Girls U-14 winning team Maliyadeva Balika Vidyalaya pictured with officials from the Sri Lanka Schools' Football Association - Anura Bandara Leelarathna, President, Sarath Ratnaweera, Treasurer and P. Chanaraj, Assistant Director Sport and Upali Amaratunga, Director of Sport, Ministry of Education. Also in attendance, the CBL Food cluster team - Thilanka de Zoysa, Cluster CEO, Sisira Gunawardena, Senior Promotion and Activation Manager, Sachi Fernando, General Manager, Marketing, P. Govinna, Marketing Manager and Sumith Nishanka, Executive, Promotion & winning school team.

     

    Image Caption : The Boys U-14 winning team Kinniya Central College pictured with officials from the Sri Lanka Schools' Football Association - Anura Bandara Leelarathna, President, Sarath Ratnaweera, Treasurer and P. Chanaraj, Assistant Director Sport and Upali Amaratunga, Director of Sport, Ministry of Education. Also in attendance, the CBL Food cluster team - Thilanka de Zoysa, Cluster CEO, Sisira Gunawardena, Senior Promotion and Activation Manager, Sachi Fernando, General Manager, Marketing, P. Govinna, Marketing Manager and Sumith Nishanka, Executive, Promotion & winning school team.