August, 24, 2023
කොරියාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය මෙන්ම ලොව හොඳම ටයර් සන්නාම 7 අතරට එක්ව සිටින ලෝ ප්‍රකට Hankook ටයර් සමඟ එක් වෙමින් මෙරට රථ වාහන පාරිභෝගිකයින් වෙත තවත් අසමසම අත්දැකීමක් එක් කිරීමට ශ්‍රී ලංකාවේ Ronet Marketing (පුද්) සමාගම පසුගියදා කටයුතු කරන ලදී. විශේෂයෙන් ශ්‍රී ලාංකේය රථවාහන පාරිභෝගිකයින් වෙත නවෝත්පාදන නිෂ්පාදනයන් හා ටයර් සම්බන්ධ අසමසම විසඳුම් ලබා දීම වෙනුවෙන් Ronet Marketing (පුද්) සමාගම විසින් Hankook ටයර් හඳුන්වා දෙනු ලැබූ අතර හඳුන්වාදීමේ උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්වුණේ දිවයින පුරා විසිරුණු ටයර් අලෙවිසැල් හිමියන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී Ms. Sohngyee Jung සහ තායිලන්තයේ Hankook ටයර් හි කළමනාකාර අධ්යක්ෂ Kim Kahoon මහතා එක් විය.
ශ්‍රී ලාංකේය රියදුරන් අතර විශ්වාසය ඉහළ නැංවීම සඳහා වූ ටයර් කර්මාන්තයේ ප්‍රමුඛතමයින් දෙදෙනෙකුගේ එක් වීමක් ලෙස Ronet Marketing සහ Hankook ටයර් අතර ඇතිකරගත් මෙම සහයෝගීතාව පෙන්වා දිය හැකිය. 1941 වසරේදී ලොවට හඳුන්වාදෙනු ලැබූ Hankook ටයර් එතැන් සිට අද දක්වා රථ වාහන හිමිකරුවන්ගේ නොමඳ විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇත්තේ නවීන තාක්ෂණය හා ඉහළ ක්‍රියාකාරීත්වය ද සමඟිනි. මෙම නවතම සහයෝගීතාවයත් සමඟ Hankook සහ Laufenn යන ලොව පිළිගත් ටයර් නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය අත්විඳීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින් වෙත උදා වන අතරම රියදුරන් අතර ධනාත්මක අවබෝධය ඉහළ නැංවීමටද එය හේතුවක් වනු ඇත.
තවද තමන් මෙතෙක් අත්නොවිඳි සුවපහසු අත්දැකීමක් නිසැක වශයෙන්ම මෙරට රථ වාහන රියදුරන් වෙත හිමිකර දෙන මෙම සහයෝගීතාව තුළින් මෙරට වෙළෙඳපොල තුළට සපැමිණෙන කොරියාවේ අංක 1 ටයර් නිෂ්පාදනය මෙන්ම ලොව අංක 07 ටයර් නිෂ්පාදනය වන Hankook ටයර් ශ්‍රී ලංකාවේ රථවාහන ක්ෂේත්රයේ අනාගතය උදෙසා වන නවෝත්පාදන කාර්ය භාරය ද තව දුරටත් ඉදිරියට ගෙන යනු ඇත.
දශක 8කට අධික කාලයක් පුරා රථ වාහන ක්ෂේත්රයේ ප්‍රවීණයකු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කර ඇති Hankook ටයර් මාර්ග ධාවනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට සමත්ව සිටී. වෙසෙසින්ම 2022/2023 ABB FIA Formula E ලෝක ශූරතා තරඟාවලියේ නිල තාක්ෂණික සහකරු මෙන්ම ටයර් සැපයුම්කරු ලෙස කටයුතු කළ Hankook ටයර් ඒ තුළින් ඉලෙක්ටි්රක් වාහන සඳහා වන නව්‍යකරණය උදෙසා සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් විය. Formula E සමඟ වන සිය සුවිශේෂී සහයෝගය 2023 ජූලි මස ලන්ඩන්හි E-Prix හිදී ප්‍රදර්ශනය කරන ලද Hankook ඉලෙක්ටි්රක් වාහන සඳහාම විශේෂ වූ ඉහළ ක්රියාකාරීත්වයක් සහිත ටයර් සැපයීමේ පුරෝගාමීත්වය යළි යළිත් අවධාරණය කරනු ලැබීය.
ලොව ප්‍රමුඛතම ඉලෙක්ටි්රක් රේසින් ශූරතාවලිය වන BB FIA Formula E අති නවීන තාක්ෂණයේ මහිමය ලොවට විදහා දක්වන්නකි. ඉලෙක්ටි්රක් වාහන සඳහා නිර්මාණය කර ඇති ඉහළ ක්‍රියාකාරී ටයරයක් වන iON ටයර්හි සුවිශේෂී සැපයුම්කරුවකු වන Hankook ධාවනයේ මෙන්ම එදිනෙදා රිය පැදවීමේ නව සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. මෙහිදී ඉහළම ටයර් සමඟින් මෝටර් රථ සඳහා ඉන්ධන සැපයීම මෙන්ම ධාවන කණ්ඩායම්හි හා රියදුරන්ගේ අභිමානවත් අනුග්රාහකයකු ලෙස කටයුතු කළ Hankook මෙම සහයෝගීතාවය තුළින් මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ට චමත්කාරජනක අත්දැකීමක් ගෙන ඒමට සමත් වූයේ ඔවුන් තුළ ඉලෙක්ටි්රක් රථ වාහන සම්බන්ධයෙන් උනන්දුවක්ද නිර්මාණය කරමිනි.
ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබූ Hankook සහ Laufenn ටයර් දැන් Ronet Marketing (පුද්) සමාගමෙන් හා දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මිලදී ගත හැකියි.
ඡායාරූප විස්තරය - (වමේ සිට) Ronet Marketing (පුද්) සමාගමේ සභාපති/කළමනාකාර අධ්යක්ෂ සරෝජ් පෙරේරා මහතා, කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී Ms. Sohngyee Jung, තායිලන්තයේ Hankook ටයර්හි කළමනාකාර අධ්යක්ෂ Kim Kahoon මහතා සහ Ronet Marketing (පුද්) සමාගමේ අධ්යක්ෂ සුරේන් රාජනාදන් මහතා ඡායාරූපයේ වේ.
Video Story