දේශීය ණය ප්‍රශස්ථකරණයට අර්ථසාධක අරමුදල එක්වෙයි

    September, 14, 2023

    මුදල් අමාත්‍යංශය විසින් සිදුකළ ආරාධනයට අනුව, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන යටතේ සිය භාණ්ඩාගාර බැඳුම්කර කළඹ හුවමාරුව සඳහා අර්පණයක් ඉදිරිපත් කළ බව සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයින් වෙත දැනුම් දී සිටී.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිත සුදුසුකම්ලත් සහභාගිකයෙකු ලෙස මෙලෙස අදාළ අර්පණය ඉදිරිපත් කර ඇති බවයි.