දේශීය ණය ප්‍රශස්ථකරණය තවත් පියවරක් ඉදිරියට. අලුත් බැඳුම්කර 12 ක් නිකුත් කරයි

    September, 14, 2023

    දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් පිළිගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) මඟින් පියවීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්  ප්‍රකාශයට පත් කරන ලද 2023 ජූලි 04 දිනැති භාණ්ඩාගාර බැදුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව 2023 සැප්තැම්බර් 12 දින නිවේදනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව රජය විසින්, වලංගු පිරිනැමීම් සඳහා පියවීමට ඇති සුදුසුකම්ලත් භාණ්ඩාගාර බැඳුම්කර, හුවමාරු යෝජනාවේ සඳහන් අනුපාතික සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික* සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) ලෙස පරිවර්තනය කර පහත සඳහන් ආකාරයට අද (2023 සැප්තැම්බර් 14) දින පියවීම් සිදු කර ඇත.