Vitol Asia සමාගමට බොර තෙල් නැව් 03ක කොන්ත්‍රාත්තුවක්

    October, 31, 2023

    2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව

    2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 02ක් ලැබී ඇත.

    එකී ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.