සංචාරක පැමිණීම 1,125,000 ඉක්මවයි

    November, 1, 2023

    2023 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 109,199ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.

    ඒ අනුව මෙම වසරේ මුල් මාස 10 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,125,455ක් ලෙසයි.

    ඔක්තෝබර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 28,222ක්.

    මීට අමතරව රුසියාවෙන් 10,629ක් එක්සත් රාජධානියෙන් 8,454ක් ජර්මනියෙන් 7,548ක් චීනයෙන් 6,211ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණි ඇත.

    මේ අතර ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසා සිටියේ මෙම වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 15ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් වසර අවසානය වන විට මෙම ඉලක්කය සපුරාගත හැකි බවට තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවත්ය.