November, 7, 2023
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල වෙත ක්‍රමයෙන් එල්ල වෙමින් පැවති පීඩනය යම්තාක් දුරකට ලිහිල් වීමක් අද (07) දින වාර්තා විය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරය ගැනුම් මිල රු. 321.59 ක් ලෙසත් විකුණුම් මිල රු. 331.96 ක් ලෙසත් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගයන් වාර්තා වූයේ පිළිවෙලින් රු. 323.94 ක් හා රු. 334.40 ක් වශයෙනි.
එය 2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගයයන් විය.
මේ අතර අද දින රු. 327.73 ක් ලෙසින් වාර්තා වී තිබේ.
එම අගය පසුගිය නොවැම්බර් 03 වන දින රු. 329.06 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී/ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

Video Story