මහ බැංකුවේ සංචිතය එකම තැන. අලුත්ම තත්ත්වය මෙන්න

    November, 8, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 ක් ලෙසින් සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙය 2023 සැප්තැම්බර් මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 3,540 ක් වූ නිල සංචිත වත්කම් අගය හා සැසඳීමේ දී 0.6% ක සුළු වැඩිවීමකි.

    නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 3,492 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් මාසයේ සටහන් වූ ඩොලර් මිලියන 3,499 ට වඩා 0.2% ක පහළ යාමක් වේ.

    මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව මහ බැංකුව සඳහන් කර සිටී.

    2022 ඔක්තෝබර් මාසයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩො.මි. 1,705 ක් දක්වා පමත වැටුණු අතර එය මෑත කාලයේ දී මාසයක් තුළ වාර්තා වූ අඩුම සංචිත වත්කම් ප්‍රමාණය වේ. එතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු වෙනත් මූලාශ්‍ර හරහා ලද ලැබීම් හේතුවෙන් 2023 ජූලි මාසය වන විට මෙම අගය ඩො.මි. 3,762 ක් දක්වා ක්‍රමිකව ඉහළ ගොස් තිබුණි.

    කෙසේවෙතත් එතැන් සිට මහ බැංකුව සහ රජය බලාපොරොත්තු වූ පරිදි සංචිත වත්කම්වල වර්ධනයක් දක්නට නොලැබුණු අතර එය ඩොලර් මිලියන 3,562 ක් දක්වා සුළු වශයෙන් මේ වන විට පහත වැටී ඇත.

    2022 ජනවාරි මාසයේ සිට 2023 ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල හැසිරීම පහත පරිදි වේ.

    2022 ජනවාරි - ඩො.මි. 2,361.6

    2022 පෙබරවාරි - ඩො.මි. 2,313.8

    2022 මාර්තු - ඩො.මි. 1,917

    2022 අප්‍රේල් - ඩො.මි. 1,812

    2022 මැයි - ඩො.මි. 1,920

    2022 ජූනි - ඩො.මි. 1,854

    2022 ජූලි - ඩො.මි. 1,817

    2022 අගෝස්තු - ඩො.මි. 1,716

    2022 සැප්තැම්බර් - ඩො.මි. 1,777

    2022 ඔක්තෝබර් - ඩො.මි. 1,705

    2022 නොවැම්බර් - ඩො.මි. 1,804

    2022දෙසැම්බර් - ඩො.මි. 1,898

    2023 ජනවාරි - ඩො.මි. 2,120

    2023 පෙබරවාරි - ඩො.මි. 2,219

    2023 මාර්තු - ඩො.මි. 2,691

    2023 අප්‍රේල් - ඩො.මි. 2,761

    2023 මැයි - ඩො.මි. 3,483

    2023 ජූනි - ඩො.මි. 3,724

    2023 ජූලි - ඩො.මි. 3,762

    2023 අගෝග්ස්තු - ඩො.මි. 3,600

    2023 සැප්තැම්බර් - ඩො.මි. 3,530

    2023 ඔක්තෝබර් - ඩො.මි. 3,562