සිංගර් සමාගම් සමූහයේ ලොකු වෙනසක්

    November, 9, 2023

    රෙග්නිස් (ලංකා) පීඑල්සී සහ සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී යන සමාගම් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමඟින් ඒකාබද්ධ කිරීමට යොජනා වී තිබේ.

    මේ වන විට රෙග්නිස් (ලංකා) පීඑල්සී හි නිකුතු කොටස් ප්‍රමාණයෙන් 58.29% ක හා සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී හි නිකුතු කොටස් ප්‍රමාණයෙන් 87.72% ක හිමිකාරීත්වය සිංගර් (ශ්‍රී ලංකා) සතුව පවතී.

    මෙම ඒකාබද්ධ කිරීම අදාළ නියාමන අධිකාරීන්ගේ අනුමැතියට යටත්ව සිදුකෙරනු ඇත.

    එසේම මෙම සමාගම් ඒකාබද්ධ කිරීම 2024 ජනවාරි 31 දින සිට බලපැවැත්වීමට නියමිතය.

    සිංගර් (ශ්‍රී ලංකා) හි 69.55% ක කොටස් හිමිකාරීත්වය හේලීස් සමූහය සතු වන අතර එහි 51.01% ක කොටස් අයිතියකට හිමිකම් කියන ධම්මික පෙරේරා මහතා හේලීස් පිඑල්සී හි අංක එකේ කොටස්කරුවා වේ.