November, 13, 2023
මේ වන විට ශ්රී ලංකාවේ රාජ්ය සේවයේ ලක්ෂ 15 ක පමණ පිරිසක් සිටින බවත් ජපානය වැනි විශාල රටක සිටින්නේත් ලක්ෂ 8 ක රාජ්ය සේවකයින් ප්රමාණයක් පමණක් බවත් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ ලක්ෂ 15 ක රාජ්ය සේවකයින් ප්රමාණයකට රු. 20,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන්හොත් රු. බිලියන 360 ක වැයක් වාර්ෂිකව දැරීමට සිදුවනු ඇති බවත් එය විශාල මුදලක් වනු ඇති බවත්ය.
අද දෙරණ ‘අයවැය 2024‘ විශේෂ සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
“දැන් රජයේ සේවකයන් ඉන්නවා කියනවා මිලියන 1.5 ක්. ජපානයේ ඉන්නේ ලක්ෂ 8ක්. එච්චර විශාල තැනකත්.එතකොට මේ මිලියන 1 1/2 ට 10,000 ක් වෙන්න යම් විදියකින් පඩි වැඩිවීමක් දුන්නොත් අවුරුද්දට ඕනේ බිලියන 180ක්. 20,000 ක් වුණොත් බිලියන 360 ක් ඕනේ. ඒක විශාල මුදල් කන්දරාවක්.“
“ඒ අයට ඇත්තටම පඩි වැඩිවීමක් වෙන්න ඕනේ. අපිත් පිළිගන්නවා. හැබැයි බැංකු ක්ෂේත්රයේ නම් අපි සාමූහික ගිවිසුම් මගින් ඒ සම්බන්ධව පඩි වැඩිවීම් කරලා තියෙනවා. නැවතත් ලබන අවුරුද්දට ඒක කළ යුතු තත්ත්වයක් ඇත් වෙන්න පුළුවන්.“
Video Story