අඩුආදායම්ලාභීන්ට දුන් කුලී නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ටම

    November, 13, 2023

    විවිධ නාගරික වැඩසටහන් යටෙත් ඉදිකරන ලද, අඩු ආදායම් ලාභී පවුල් වෙත කුලී පදනම මත ලබා දී ඇති නිවාසවල පූර්ණ අයිතිය ඒවායේ පදිංචිකරුවන් වෙතටම ලබා දීමට කටුයුකු කරනු ලබන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද (13) කියා සිටියේය.

    එසේම මෙතෙක් ඔවුන්ගෙන් අය කරනු ලැබූ රු. 3,000 ක් පමණ වන කුලී මුදල් අය කිරීමද සම්පූර්ණයෙන් නවතා දමන බව ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස මෙහිදී පැවසීය.