November, 29, 2023
මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි, බුටීක් හෝටල් සුඛෝපභෝගීත්වයේ සංකේතයක් බඳු Sun Siyam Pasikudah, තරු පහ ශ්‍රේණියේ හෝටලයක් ලෙස නැවත ආරම්භ කිරීමේ සාඩම්බර අවස්ථාව සමරමින් Virticle by Jetwing හිදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වුණි.
Sun Siyam Resorts සමූහයට අයත් මෙම හෝටලය වෙනුවෙන් ප්‍රකට සංචාරක නියෝජිතයින්, මාධ්‍ය මෙන්ම හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා, වෙනත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. එහිදී Sun Siyam Pasikudah හෝටලය මගින් පිරිනමන සුවිශේෂී අත්දැකීම් සහ අවසානයේ රටට ඉන් ලැබෙන දායකත්වය පිළිබඳව ද මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කෙරුණි.
Sun Siyam Resorts සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීපක් බුනෙඩි මහතා පිළිගැන්වීමේ කථාව සිදුකළ අතර, ඉන් අනතුරුව හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි සහ විකුණුම් හා අලෙවි කළමනාකරු දුලංක ද මෙල් යන මහත්වරු ද සභාව ඇමතූහ.
වඩාත් කතාබහට ලක්වූ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වෙමින් පවතින මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ එම ගමනට ශක්තියක් වීමට තමන් සතු හැකියාව පෙන්වීමට ද Sun Siyam Resorts මෙය කදිම අවස්ථාවකි. Sun Aqua Pasikudah නමින් 2014 වර්ෂයේදී ආරම්භ වුණු හෝටලය, 2020 වසරේදී Sun Siyam Resorts හෝටල් ජාලයට එක්වෙමින් Sun Siyam Pasikudah ලෙස නව සන්නාමයක් ලෙස එළිදැක්විණි.
ශ්‍රී ලංකාව සතු සුන්දරත්වය ඇසුරෙන් සංචාරකයින් වෙත අමතක නොවන අත්දැකීම් සමුදායක් පිළිගැන්වීමට Sun Siyam Pasikudah සතු කැපවීමෙහි ද නව පරිච්ඡේදයක ඇරඹුම මෙමගින් සනිටුහන් කෙරෙයි. තරු පහේ බුටීක් හෝටලයක්වන Sun Siyam Pasikudah, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටා තිබේ. ඊට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට පැය 6ක සුන්දර චාරිකාවකින් ළඟාවිය හැකි අතර, ඉඩකඩ සහිත නවීන නිදන කාමර එකකින් හෝ දෙකකින් යුත් garden හා beach pavilion 34කින් (පෞද්ගලික පිහිනුම් තටාක සහිත හා රහිත) එය සමන්විත ය. එමනිසා යුවලක් ලෙස හෝ පවුලේ සාමාජිකයින් ලෙස හෝ මිතුරන් කණ්ඩායමක් ලෙස හෝ සංචාරය කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය හා සුදුසු නවාතැන් පහසුකම් හෝටලය සතු ය.
අපට අවශ්‍ය වූයේ, සරලත්වය සහ සුඛෝපභෝගීත්වය මුසුවුණු තරු පහ ශ්‍රේණියේ අභ්‍යන්තර අලංකරණයක් හෝටලයට ලබාදීමටයි. සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ සුවිශේෂී, විචිත්‍රවත් සහ සුඛෝපභෝගීත්වයෙන් යුත් අභ්‍යන්තර අලංකරණය සහිත හෝටලයක් නිමවීම අපේ අරමුණ වුණා″, යනුවෙන් හෝටල් නවීකරණ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් හෝටලය නවීකරණ ක්‍රියාවලියට විශාල දායකත්වයක් දැක්වූ Studio Sixty7 හි නිර්මාතෘ සහ නිර්මාණ අධ්යක්ෂ දෙපළවන ලී මැක්නිකොල් සහ ජෝස් රිවෙරෝ පැවසූහ.
හෝටලයේ තවත් විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකාව සතු සාම්ප්‍රදායික රස මෙන්ම යටත් විජිත යුගයට අයත් ආහාර පාන ද මුසු කරගත් නැවුම් ආහාර සංස්කෘතියක් මෙහිදී අත්විඳීමට හැකිවීම ය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ විශාලතම වයින් එකතුව ඇත්තේ Sun Siyam Pasikudah හෝටලයේ The Cellar සතුව ය. මීට අමතරව විශාල තේ වර්ග රැසක් මෙන්ම තේ රස බැලීමේ (Tea Tasting) පහසුකම් ද රැගත් Tea House, හැත්තෑව දශකයේ ස්වරූපයෙන් යුතු ක්ෂණික කෙටි ආහාර (පිට්සා සහ වෙනත් ග්‍රිල්ඩ් ආහාර) පිළිගන්වන Slice & Grill සහ කැරිබියානු කලාපයට ආවේණික ස්වරූපයේ, විවිධ බීම වර්ග රැගත් Beach Shack ආදී ආහාරපාන අත්දැකීම් රැසක් හෝටලයේ දක්නට ලැබේ.
Sun Siyam Pasikudah හිදී ශ්‍රී ලංකාව සතුව දෙස් විදෙස් සංචාරකයින්ට පිළිගැන්වීමට ඇති අපූර්ව ආකර්ෂණීය ස්ථාන රැසක් නැරඹීමේ හැකියාව ද පවතියි. දර්ශනීය පාසිකුඩා වෙරළතීරය එහිලා මුල් තැනක් ගනියි. පාසිකුඩා මුහුදේ කිමිදෙමින්, ස්නෝක්ලින් හෝ ස්කූබා ඩයිවින් අත්දැකීමක් ලබමින් කොරල් පර නැරඹීට හෝ, ජෙට් ස්කී, කයාකින් හෝ ටියුබ් රයිඩ් අත්දැකීමක් විඳගැනීමට හෝ අවස්ථාව ඇත.
රෝමාන්තික නිවාඩුවක් අත්විඳීමට පැමිණෙන ආදරවන්තයින්ට පාසිකුඩා මුහුදේ යාත්‍රා කිරීමට හෝ තාරකා පිරුණු අහසක් යට රාත්‍රී ආහාර වේලක් ලබාගැනීමට හෝ අවස්ථාව හිමි ය. ත්‍රාසජනක සංචාරක අත්දැකීමක් එක්කරගැනීමට කැමති අය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂීතම සංචාරක ආකර්ෂණයක්වන සීගිරිය වෙත හෝ දඹුල්ල ලෙන් විහාරය හෝ එක්දින සංචාරයක් සංවිධානය කරදීමට ද හෝටලය සැදීපැහැදී සිටියි. මීට අමතරව, මැයි සිට සැප්තැම්බර් දක්වා මාසවලදී තල්මසුන් නැරඹීමට යාමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමි වේ. පොළොන්නරු පුරාණ රාජධානි නටබුන් නැරඹීමේ සවාරියක් මෙන්ම වන අලි සහ කුරුලු විශේෂ පිරුණු මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අමතක නොවන වනජීවී සෆාරි අත්දැකීමක් ද Sun Siyam Pasikudah වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ලබාගත හැක. එනිසා Sun Siyam Pasikudah යනු හුදෙක් නිවාඩුවක් නොව, වටිනා ත්‍රාසජනක අත්දැකීමක්, සංස්කෘතික සවාරියක් සහ ශාන්තබවේ කෙම්බිමක් ඔබට සපයන තැනකි. දැරිය හැකි මිල ගණන් යටතේ, සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික පොහොසත්කමින් පිරුණු අත්දැකීමක් මෙහිදී දෙස් විදෙස් සංචාරකයින්ට ලබාගත හැක.
මීට අමතරව, රැස්වීම් සහ විවිධ ඉසව් සංවිධානය කිරීම සඳහා ද වෙනම පහසුකම් හෝටලය සතු බැවින්, ව්‍යාපාරික හමු, විවාහ මංගලෝත්සව සහ පෞද්ගලික සාද වෙනුවෙන් ද හෝටලයේ විවෘත ය. හෝටලය සතු Board Room පහසුකම් සහ එළිමහන් අවකාශ එවැනි අවශ්‍යතා වෙනුවෙන් ඉතා සුදුසු ලෙස නිමවා තිබේ. විශේෂයෙන්ම වෙරළ තේමාව යටතේ සාම්ප්‍රදායික මෙන්ම නවීන පන්නයේ විවාහ උත්සව පැවැත්වීමට ද හෝටල් බිම මනාව ගැලපෙයි.
නව අත්දැකීම්, සංස්කෘතික අංග සහ නිදහස පිරුණු අපූර්ව විවේකයක් වෙනුවෙන් Sun Siyam Pasikudah සංචාරකයින්ට ඇරයුම් කරයි. හෝටලය නැවත විවෘත කිරීමට සමගාමීව ලබාදෙන ෆැමිලි සහ උත්සව වට්ටම් පිළිබඳ දැනුවත් වීමට www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසෙන්න.


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා උත්සව සභාව අමතන අයුරු



සේයා රූ සටහන : (වමේ සිට දකුණට) Sun Siyam Pasikudah හෝටලයේ විකුණුම් සහ අලෙවි කළමනාකරු දුලංක ද මෙල්, Sun Siyam Resorts හි ප්‍රධාන විධායක නිලධාරී දීපක් බූනෙඩි, අනෝමා ගමගේ සහ දයා ගමගේ, Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆාරි සහ Sun Siyam Resorts සමූහයේ විකුණුම් සහ අලෙවි අධ්යක්ෂ මොහොමඩ් ශිහාබ් යන මහත්ම මහත්මීහු
Video Story