December, 19, 2023
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යටතේ 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනතේ විධිවිධානවලට අනුකූල වෙමින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා 2023-03-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු එම සංස්ථාවේ පූර්ණ අනුබද්ධ ආයතනයන් වන සීමාසහිත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ සීමාසහිත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත වෙන් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story