ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සංශෝධනයට පියවර

    December, 19, 2023

    1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ පවතින සීමාවන් හේතුවෙන් තරගකාරී හා වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළඳපොළ තුළ කටයුතු කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අපහසු වී ඇත.

    එබැවින්, ආයතනය සඳහා තිරසර වර්ධනයක් පවත්වාගැනීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ නව ව්‍යාපාර ආකෘතියක් ගොඩනැංවීම තුළින් බැංකුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතුව තිබේ.

    ඒ අනුව, සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.