දෙසැම්බරයේ මුල් දින 17ට සංචාරකයෝ ලක්ෂයක් ශ්‍රී ලංකාවට

    December, 19, 2023

    2023 දෙසැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 100,750 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,377,701 ක් වේ.

    දෙසැම්බර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් අතර ඉන්දියාව (20,597), රුසියාව (14,156) සහ එක්සත් රාජධානිය (10,281) ඉදිරියෙන්ම සිටී.

    දෙසැම්බරයේ මුල් දින 17 තුළ, දින දෙකක් හැරෙන්නට සෙසු සෑම දිනයක දීම, දෛනිකව 5,000 ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීම විශේෂත්වයකි.