December, 20, 2023
විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මෙවර වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දීමක් සිදුනොකෙරෙන බව වාර්තා වේ. මීට පෙර විදුලිබල මණ්ඩල සේවකයින්ට ගෙවන ලද දිරිගැන්වීම් සහ අනෙකුත් දීමනා ද මේ සමඟ අත්හිටුවනු ඇත.
මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට ලිපියක් මගින් දැනුම් දී සිටී.
එසේම 2015 වසරේ සිට සෑම වසර 3කටම වරක් සිදුකෙරුණු 25%ක වැටුප් වර්ධක ගෙවීම් ද මෙවර නොගෙවීමට තීරණය කර ඇති බව අදාළ ලිපියේ සඳහන් වේ.
මණ්ඩලයේ මෙහෙයුම් හා පරිපාලන වියදම් අඩුකිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

Video Story