January, 1, 2024
අද (2024 ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනට හෝ අද දිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number - TIN) ලබා ගැනීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
තවද, තක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් මස 01 වන දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වන දින දක්වා) සඳහා යම් තැනැත්තෙකු රු. 1,200,000/- ට වැඩි ආදායමක් ලබන්නේ නම්, ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ, ඉහත පරිදි ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කරනු ලබන බවත්, එහිදී රු. 50,000 නොඉක්මන දණ්ඩනයකට ද යටත් විය යුතු බවත් ය.
මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Video Story