January, 2, 2024
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD)සමඟ එක්ව ශ්‍රී ලංකාවේ අපනයනය ඉලක්ක කරගත් කාන්තා ව්‍යාපාර සඳහා ධාරිතා වර්ධන වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති අතර කාන්තාවන්ට ව්‍යාපාර සංවර්ධනය සඳහා සහාය වීම සහ සවිබල ගැන්වීමේ අරමුණින් "EDB Women Led Exports" නමින් වැඩසටහනක් දියත් කර ඇත.
මෙහි පළමු පුහුණු වැඩමුළුව අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, තෝරාගත් අපනයන සඳහා සූදානම් කාන්තා ව්‍යාපාර 19ක් සමඟින් වෙළඳපල බුද්ධිය, යුරෝපා සංගම් වෙළඳපල ප්‍රවණතා, ඵලදායී විකුණුම් ශිල්පීය ක්‍රම සහ සමාගම් අත්‍යවශ්‍ය දෑ පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. මෙම වැඩමුළුව ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව මගින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබද විශේෂ පුහුණුවක් ලද අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදී.
මෙම වැඩමුළුවෙන් පසුව, ව්‍යාපෘතිය සඳහා තෝරාගත් කාන්තා ප්‍රමුඛ ව්‍යාපාර (Women Led) සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීමට හැකි වන පරිදි ධාරිතාව ගොඩනැගීමේ දිගුකාලීන වැඩසටහනක් අඛණ්ඩව සිදු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත.
අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව නියෝජනය කරමින් Angie Martinez මහත්මිය, Rosa Nelly මහත්මිය, සහ අමිත ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) අතර මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැදගත් පියවරක් නියෝජනය කරන අතර ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සාර්ථක වීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් ශ්‍රී ලංකා කාන්තා ප්‍රමුඛ ව්‍යවසායකයින් සන්නද්ධ කිරීම වැඩසටහන මගින් අරමුණු කරයි.



Video Story