January, 2, 2024
ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 99කින් සමන්විත වන අතර, 2022-01-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත පුද්ගලික සමාගමට වසර 50ක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම ඇතුළුව මූලික පියවර මේ වන විට ආරම්භ කර තිබේ.
එම ශක්‍යතා අධ්‍යයනය මඟින් මෙම ව්‍යාපෘතිය වසර 16ක් තුළ අදියර 07ක් යටතේ සංවර්ධනය කිරීමට නිර්දේශ කර ඇති අතර, එහි පළමු අදියර යටතේ ආර්ථික වශයෙන් ඵලදායී ටැංකි 09ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ආසන්න වශයෙන් කිලෝමීටර 1.75ක දිගින් යුත් නළ මාර්ගයක් සකස් කිරීමටත්, ඊට අදාළ අනෙකුත් පහසුකම් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම (BOT) යන ව්‍යාපාර මාදිලිය අනුගමනය කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, පළමු අදියර යටතේ සිදු කිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story