‘සත්‍ය ජය ගනී‘ – අදානි කියයි

    January, 4, 2024

    Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'සත්‍ය ජයග්‍රහණය කර ඇති බව' ගෞතම් අදානි පවසයි

    එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත්  දායකත්වය ලබාදෙන බවත්, පසුගිය දා ප්‍රකාශ කළේය.

    අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් SIT හෝ CBI විමර්ශන කිරීම සඳහා  නියෝග කිරීම කිසිදු පදනමක් නොමැති බවත්, ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලය (SEBI) විසින් මාස තුනක් ඇතුළත එහි විමර්ශන කටයුතු  අවසන් කළ යුතු බවත් පසුගිය බදාදා (03) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීන්දු කරන ලදී.

    ඒ අනුව ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලයේ (SEBI) අපේක්ෂිත විමර්ශනය මාස තුනක් ඇතුළත අවසන් කරන ලෙස ඉල්ලා සිටි අතර මේ සඳහා තවත් පරීක්ෂණ පැවැත්වීම  අවශ්‍ය නොවන බැවින් apples-to-airport සමූහ ව්‍යාපාරයට එරෙහිව Hindenburg වාර්තාව මඟින් වසරක් පුරා ගෙන ගිය මෙම නඩුව අවසන් කළ හැකි බවත්  ප්‍රකාශ කළහ.

    එමෙන්ම අදානි සමූහ ව්‍යාපාරය ද මේ සමබන්ධයෙන් ඔවුන් වෙත සිදුකළ සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරයි.