කාගිල්ස් බැංකුවේ කොටස් ගනුදෙනු ඇරඹෙයි

    January, 9, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමගම වන Cargills Bank Limited හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ අද (09) පෙරවරුවේ දී ආරම්භ විය.

    මෙම ඉසව්ව සමරනු පිණිස කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සම්ප්‍රදායික සීනුව නාද කිරීමේ උත්සවයක් අද පෙරවරුවේ දී සංවිධානය කර තිබුණි.

    ඒ සඳහා Cargills Bank Limited හි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් එක් වූ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති සහ ප්‍රධාන විධායකවරයා ද ඊට එක් වී සිටියහ.

    කෙසේවෙතත් ආරම්භක දිනයේ දීම, මූලික මහජන කොටස් නිකුතුවේ දී කොටසක් නිකුත් කළ මිලට වඩා පහළ මට්ටමකින් ද Cargills Bank කොටස් ගනුදෙනු සිදුවීම නිරීක්ෂණය කළ හැකි විය.

    මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 8 ක් බැගින් Cargills Bank Limited හි කොටසක් නිකුත් කෙරුණු අතර අද දිනයේ දී ද්විතීයික කොටස් ගනුදෙනු රු. 7.90 - 8.20 දක්වා මිල පරාසයන් හි සිදුවී තිබුණි.

    Cargills බැංකුව මෙලෙස කොටස් වෙළෙඳපොළට එක්වීමත් සමඟම, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 291 ක් දක්වා ඉහළ යනු ඇත. මීට අමතරව තවත් එක් අරමුදලක් (FUNDS) ද කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත.