January, 11, 2024
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය ( FAO) සහ ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව කෘෂිකර්මය පුනර්ජීවනය වෙනුවෙන් ඩොලර් මිලියන 9.2 ක ව්‍යාපෘතියකට දායක වී ඇත.වී ඵලදායිතාව ඉහළ නැංවීම, ආන්තික කුඹුරු ඉඩම්වල බෝග විවිධාංගීකරණය කිරීම සහ තිරසාර ගොවිතැන් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පුනර්ජීවනය කිරීම අඛණ්ඩව සිදු කිරීම මේ අතර වේ.
කුඩා පරිමාණ වී ගොවීන්ගේ උන්නතිය උදෙසා USAID ආයතනය විසින් වසර හතරක කාලයක් තුල ආධාර අරමුදල් මඟින් දිගු දිරිගැන්වීමක් සපයයි. මෙය හම්බන්තොට, වවුනියාව, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතරේ ගොවීන් 10,000කට ප්රතිලාභ සැලසෙයි.
වගා කන්නයේ කුඹුරු හෙක්ටයාර 1,250ක සුදුසු තිරසාර බෝග වගා කිරීම සඳහා විවිධාංගීකරණය කිරීමට FAO සහ අමාත්‍යාංශය ගොවීන්ට උපකාර කරනු ඇත.අමතරව, වී අක්කර 5,000 ක් පුරා ජලය සහ පොහොර වැනි සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට ගොවීන්ට මෙයින් උපකාරී වනු ඇත.මෙම අරමුදල් ගොවීන්ට දැරිය හැකි මිලකට සැපයුම් සහ යන්ත්‍රෝපකරණ නියමිත වේලාවට ලබා ගැනීම සහතික කිරීම වෙනුවෙන් විධිමත් සැපයුම් දාමයක් ස්ථාපිත කිරීමට උපකාරී වේ.
මෙම ව්‍යාපෘතිය ආර්ථික හා ආහාර සුරක්ෂිතතා අර්බුදය මධ්‍යයේ 2022 වසරේ එක්සත් ජනපදය විසින් ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36,000ක් සහ යූරියා මෙට්‍රික් ටොන් 9,800ක් පරිත්‍යාග කිරීම මත ගොඩනගා ඇත.
“පසුගිය වසර කිහිපය තුළ අපේ වී ගොවීන් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන්නා,” කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්මය පුනාරජීවය වෙනුවෙන් කර කැපකිරීම අගය කරමින් පැවසීය. “ මේ තීරණාත්මක අවස්ථාවේදී රටේ වී ගොවීන් ලක්ෂ 10කට වැඩි පිරිසකට USAID සහ FAO ආයතන අත්‍යවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා.මෙම ව්‍යාපෘතියට මුල පිරීම වුයේ එම ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි වී ගොවීන් සඳහා අඛණ්ඩව ආදායම් වැඩි කිරීම සහතික කිරීම පදනම් කරගෙන සිඳු වූ සහය වීමයි.
“කෘෂිකර්ම අමාත්‍යාංශය සහ FAO ආයතනය සමඟ අපගේ හවුල්කාරිත්වය දිගටම කරගෙන යාම පිළිබඳ USAID ආඩම්බර වෙනවා”,අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රි ලංකාව සහ මාලදිවයින සඳහාවූ මෙහෙයුම් අධ්‍යක්ෂක ගේබි්රයල් ග්‍රවු මහතා පැවසීය. භෝග විවිධාංගීකරණය සහ කෘෂිකාර්මික කාර්යක්ෂමතාව සඳහා වන අපගේ අන්‍යෝන්‍ය අරමුණු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ කුඩා ඉඩම් හිමියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ඇති අපගේ අරමුණු වල දිගුපැවත්මකි.
මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ දී ඒ පිළිබඳව අදහස් දැක්වූ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා USAID සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඇති හවුල්කාරිත්වය “ලංකාවේ කෘෂිකර්මාන්තයට අඛණ්ඩව සහයෝගය දැක්වීමට ඔවුන්ගේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක්” ලෙස හැඳින්වීය.
සම්පත් සහ ප්‍රවීණත්වය ඒකාබද්ධ කිරීමෙන්, ගොවි ප්‍රජාව සඳහා ධනාත්මක සහ තිරසාර වෙනස්කම් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී.
මෙහි සාර්ථකත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන්ගේ කැපවීම FAO සහ USAID අවධාරණය කළේය.ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය පෝෂණය කිරීම මගින්, කුඩා ඉඩම් හිමියන් සඳහා වැඩි අස්වැන්නක් සහ ලාභදායිත්වය ප්‍රවර්ධනය කරමින්, කෘෂිකාර්මික අංශයේ සමස්ත ප්‍රකෘතිය සඳහා දායක වීමට මෙම වැඩසටහන අපේක්ෂා කරයි.


Video Story