January, 11, 2024
සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න මෙවරත් අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේදී හා රුවන්වැලි සෑ පරිශ‍්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලූ දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර පුත්තලම ප‍්‍රදේශයේ සී/ස බෝධිරාජපුර සණස සමිති සංගමය ප‍්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය.
ජනවාරි 6 වැනි දින ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස නෙළුම් මල් පූජාවෙන් ආරම්භ වී 7 වන දින රුවන්වැලි මහ සෑ රදුන් උදෙසා කිරි ආහාර පූජාවෙන් සහ එදින දහවල් අභයගිරිය දානමය පිංකමෙන් අවසන් කෙරුණු මෙම පුණේයා්ත්සවය සණස නායක විශ්ව ප‍්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. ඊට සණස සමිති මූලික කර ගනිමින් දිවයිනේ නන් දෙසින් බැතිමතුන් දහස් ගණනක් සහභාගී වූ අතර මෙම පුණේයා්ත්සවය සුපුරුදු චාරිත‍්‍ර අනුගමනය කරමින් සැදැහැ සිතින් සිදු කෙරිණි. එමෙන්ම සණස සමිතිවල මූලිකත්වයෙන් නෙළුම් මල් පූජාව සඳහා විවිධ නර්තන අංගවලින් සපිරි පෙරහැරක්ද සංවිධානය කර තිබිණි. රටේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වන සණස ව්‍යාපාරය රටට මෙන්ම ශ‍්‍රී ලාංකේය ජනතාවට සෙත් පතා මෙවැනි ප‍්‍රජා සත්කාර වැඩසටහන් ගණනාවක් වාර්ෂිකව ක‍්‍රියාත්මක කරන අතර ඒ සඳහා සණස ව්‍යාපාරයට අයත් ආයතන ජාලයේ දායකත්වයද නොඅඩුව ලැබේ. ඒ අනුව මෙම පුණේයා්ත්සවය සඳහා දායක වූ සියලූ දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය ස්තූතිය පුද කර සිටී.
Video Story